චරිත් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද යන අයව බරපතළ නවකවධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 18 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම අද (18) එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 18 වැනිදා කැඳවන ලෙසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන මහතා මගින් එම පෙත්සම ගොනු කරනු ලැබුවා.

2025 අප්‍රේල් 26 වන දින චරිත් දිල්ෂාන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩ සහ ම්ලේච්ඡ නවක වදයට ලක් කරන ලද බවත්, එය ඔහුව අවමානයට ලක් කළ කම්පා සහගත සිදුවීමක් වූ බවත්, ඉන් පසුව ඔහු සියදිවි නසා ගැනීමෙන් මියගිය බවත් පෙත්සමේ සඳහන්.

සබරගමුව විශ්වවිද්‍යාලයේ බලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පොලීසිය සහ අනෙකුත් අය නවකවදයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමට සහ සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම, මෙම ඛේදවාචකයට හේතු වූ බව පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

පෙත්සම මගින් පද්ධතිමය සහ ආයතනික අසාර්ථකත්වයන් ඉස්මතු කර දක්වන අතර, අපයෝජනයන් දිගින් දිගටම සවිබල ගැන්වෙන ආකාරයේ සංස්කෘතියක් ද ගොඩනැගී ඇති බව හුවාදක්වනවා.

නවකවදය පැමිණවීම මගින් නීතිය ඉදිරියේ සමානව සැලකීම සහ වධහිංසනයට හෝ ක්‍රෑර, අමානුෂික සැලකිල්ලකට භාජනය නොවීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 11 වගන්ති යටතේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව එහි සඳහන්.

පෙත්සම්කරුවන් චරිත් දිල්ෂාන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින අතර, දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටිනවා.

ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ වගකිවයුතු නිලධාරීන් සහ ආයතන වගවීමට සැලැස්වීම, නවකවද විරෝධී නීති සහ විශ්වවිද්‍යාල රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, සිසුන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ නියම කිරීම, සෑම සිසුවෙකුටම ගෞරවයෙන් හා ආරක්ෂිතව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සලසාදීම යන ඉල්ලීම් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34