AFC Banner
Empty Ad
Empty Ad

චමරි අතපත්තු නවසීලන්තයේ කාන්තා සුපර් ස්මෑෂ් ක්‍රිකට් තරගාවලියට

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු නවසීලන්තයේ කාන්තා සුපර් ස්මෑෂ් ක්‍රිකට් තරගාවලියේ ‘නදර්න් ඩිස්ට්‍රික්ට්’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

චමරි සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් පැවසුවේ “මම නදර්න් ඩිස්ට්‍රික්ට් කණ්ඩායම සමග සම්බන්ධ වන පළමුවැනි වතාව හින්දා ලොකු උද්‍යෝගයකින් ඉන්නෙ. අපිට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ය.

නිමා වූ බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට චමරි ක්‍රීඩා කළ අතර එහිදී ඇය ඉනිම 14කදී ලකුණු 552ක් සහ කඩුලු 9ක් වාර්තා කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්විය

පසුගිය 19 වැනිදා ආරම්භ වූ ‘සුපර්ස්මෑෂ්’ තරගාවලියේ ‘නදර්න් ඩිස්ට්‍රික්ට්’ කණ්ඩායම සහභාගී වන තුන්වන තරගය අද (2 ) පැවැත්වීමට නියමිත අතර මෙම තරගය සඳහා චමරි ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?