චමරිගේ වේගවත් පිතිකරණය හමුවේ සුපර්නෝවාස් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි

චමරි අතපත්තුගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20 යි 20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සුපර්නෝවාස් කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරයේදී ශෂිකලා සිරිවර්ධන ද සුපර් නෝවාස් කණ්ඩායම නියෝජනය කළා. සාජා ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේදී ටේ‍්‍රල් බ්ලාසර්ස් කණ්ඩායම ලකුණු 02 කින් පරාජය කරමින් සුපර්නෝවාස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා. 

පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20  අවසානයේ කඩුලූ 06 ක් දැවී රැුස් කළ ලකුණු සංඛ්‍යාව 146 ක්. ආරම්භක පිතිකාරිනියන් ලෙස පිටියට පිවිසි චමරි අතපත්තු සහ ප‍්‍රියා පුනියා පළමු කඩුල්ලට ලකුණූ 89 ක සබඳතාවක් ගොඩනැගුවා. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 48 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 67 ක්. ඊට දැවැන්ත හයේ පහර 04 ක් සහ හතරේ පහර 05 ක් ඇතුළත් වුණා. ශෂිකලා සිරිවර්ධන ලකුණු 02 කට දුවද්දී දැවී ගියා. 

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ටේ‍්‍රල් බ්ලාසර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කර ගත හැකි වූයේ කඩුලූ 05 ක් දැවී ලකුණු 144 ක් පමණයි. ශෂිකලා සිරිවර්ධන පන්දුවාර 03 ක් ක‍්‍රියාත්මක කරමින් ලකුණු 19 ක් ලබාදුන් අතර ඇයට එක් කඩුල්ක් හෝ දවා ගැනීමට මෙම තරගයේදී අවස්ථාව හිමි වූයේ නැහැ.   

තරගයේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ චමරි අතපත්තුයි. 

IPL තරගාවලියට සමාගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලිය සදහා කණ්ඩායම් 03 ක් එක්ව සිටින අතර සුපර්නෝවාස් කණ්ඩායම ලැබූ මෙම ජයත් සමග වෙලෝසිටි කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. ඒ අනුව අවසන් මහ තරගයේදී යළිත් තරග වදින්නේ සුපර්නෝවාස් කණ්ඩායම සහ ටේ‍්‍රල් බ්ලාසර්ස් කණ්ඩායමයි. එම තරගය සාජා ක‍්‍රීඩාගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.   

මේ අතර IPL  ක‍්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ 03 වන තරගය අබුඩාබි හිදි අද පැවැත්වෙනවා. ඒ ඩේවිඩ් වෝනර්ගේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ ශේයස් අයියර්ගේ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් අතරයි. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 10 වැනිදා පැවැත්වෙන IPL  තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර ඔවුන් එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?