ඝාතන රැල්ලට හසුවූ පිටිගල විශ්‍රාමික සෙබළා මරුට

පෙරේදා (03 වැනිදා) පිටිගල කබලුව ප්‍රදේශයේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල නියාගම පදිංචි රංග ප්‍රසංග නැමති 32 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළකු බව පිටිගල පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා පොලියට මුදල් ලබාදෙන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එම මුදල් ගනුදෙනුවක් හේතුවෙන් බූරු පොළකදී පුද්ගලයෙකු හා ඇතිකර ගත් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවත් පොලිසිය සැක කරයි.

මෙම පුද්ගලයා යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටියෙදී මගරැක සිට මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ වෙඩි තැබුම වූ ස්ථානයෙන් මාර්ගය හරස් කරමිනි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ගල්කන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී ඔහු මියගොස් තිබේ.

පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න සිල්වාගේ මෙහෙයවීම මත සිදුකළ විමර්ශන මගින් ඝාතකයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුව තිබෙන බවත් පාතාලයේ සම්බන්ධයක් නොමැති බවත් පිටිගල පොලිසිය කියා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39