ඝාතකයින් සිව්දෙනෙකු විශේෂ විමර්ශනයකින් අත්අඩංගුවට (වීඩියෝ)

අමානුෂික අන්දමින් පුද්ගලයකුගේ දෙපාවලට මොට ආයුධයකින් පහර දී, කඩුවකින් ගෙල කපා සිරුර කිරිමැටි වළකට විසි කළ පුද්ගලයින් සිව්දෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර – උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

පසුගිය වසරේ දී නොවැම්බර් මස 13 වැනි දා කළුතර – උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි ව සිටි පී.ඒ. ආර්.ගුණරත්න නමැත්තාගේ ගෙල කපා කිරිමැටි වළක ගිල්වා තිබියදී කළුතර -උතුර පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අනන්‍යතාව සොයා ගැනීමට ප්‍රමාද වූ බැවින් පසුගිය ජනවාරි මස 27 දින කලුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දී අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවා.

එහිදී අනාවරණය වූයේ ගෙල තියුණු ආයුධයකින් කපා දෙපාවලට ද මොට ආයුධයකින් පහර දී ඇති බවට අනාවරණය වී ඇති බවත් ඒ බව කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇති බවයි.

ඒ අනුව පොලිසිය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් ඝාතනයට යොදා ගත් කඩුවක්, මරණයට ලක් වූ තැනැත්තා ව නිවසේ සිට පැහැරගෙන කිරිමැටිවල ආසන්නයට පැමිණි ත්‍රීරෝද රථය ද අත්අඩංගුවට ගැනුණා.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත අයෙකු බවත්, ඔහු මත්ද්‍රව්‍ය අලෙවි කිරීම් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුවක් දුන්නෙ යැයි යන සැකය මත තවත් මිතුරන් තිදෙනෙකු සමග ගොස් මරණකරුව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගැනුණ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34