AFC Banner
AFC Banner
Empty Ad

ඝණ වනාන්තරයක මහා පරිමාණයෙන් මත්පැන් පෙරූ අයෙක් අල්ලයි

මහියංගනය, කුකුලාපොල ප්‍රදේශයේ ඝණ වනාන්තරය තුල මහා පරිමාණයෙන් සිදු කරන ලද නීති විරෝධී මත්පැන් පෙරිමේ ස්ථානයක් ඊයේ (21) දින වටලා එහි තිබු ගෝඩා මිලි ලීටර් තුන්ලක්ෂ හැටහය දහස් පණ්සියක් සමඟ පෙරීමට ගන්නා උපකරණ කිහිපයක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසනවා.

මෙහිදි අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි වේවත්ත, කුකුලාපොල, මහියංගනය ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු විසින් කාලයක් තිස්සේ මෙම කැලෑව තුළ කසිප්පු පෙරා වෙනත් ප්‍රදේශවලට අලෙවි කරනු ලබන බවට මහියංගනය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත කැලෑවේ කිලෝ මී⁣ටර් හයක් පමණ දුර ගොස් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සැකකරු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?