AFC Banner
AFC Banner
Empty Ad

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හි දී පැවැත්වෙයි

තවත් නොබෝ දිනකින් ඇරඹෙන 2024 බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව නිමිත්තෙන් ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය ඊයේ(16) චීනයේ බෙයිජිං හි දී පැවැත්වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් සංවිධාන කෙරුණු මෙම සංවාදයේ තේමාව වූයේ, “සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම” යන්නයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් ද ඇතුළුව ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීන්, රජයේ නියෝජිතයින්, විද්වතුන්  සහ මාධ්‍ය නියෝජිතයින් මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao මහතා අවධාරණය කළේ, ගෝලීය දකුණේ රටවල් සමඟ සමීප වෙමින් ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල “ගෝලීය දකුණේ” ශක්තියක්  එකතු කිරීමට චීනය සූදානමින් සිටින බවයි.

එමෙන්ම චීන මාධ්‍ය සමූහය, චීනය සහ “ගෝලීය දකුණේ” රටවල් අතර අන්‍යෝන්‍ය සබඳතා සඳහා සුවිශේෂී පාලමක් ගොඩනඟනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?