ගෝලීයව වාර්තා වන කොවිඩ් රෝගීන් ඉහළට

පසුගිය සති 04ක කාලය තුළ ගෝලීයව නව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව සියයට 52කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එම කාලය තුළ වාර්තාවූ නව රෝගීන් සංඛ්‍යාව 850,000ක්.

එමෙන්ම, නව COVID-19 රෝගීන් 118,000 කට අධික සංඛ්‍යාවක් රෝහල්ගත කර ඇති අතර, 1,600 කට අධික රෝගීන් සංඛ්‍යාවක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ඇතැයි සඳහන්. එය ගෝලීය වශයෙන් පිළිවෙලින් 23%ක සහ 51%ක වැඩිවීමක්.

පසුගිය සතිවල BA.2.86 Omicron ප්‍රභේදයේ JN.1 යන උප ප්‍රභේදය ව්‍යාප්තිය සීඝ්‍රයෙන් වැඩිවීම ඊට හේතුවී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, JN.1 මඟින් බොහෝ රටවල ශ්වසන ආසාදන වර්ධනය කළ හැකි බවයි.

ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා, Respiratory syncytial (sin-SISH-uhl) virus (RSV) සහ ළමා නියුමෝනියාව යන ශ්වසන රෝග ද වැඩිවෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

ඔවුන් උපදෙස් දෙන්නේ, ජනාකීර්ණ, සංවෘත හෝ දුර්වල වාතාශ්‍රය පවතින ප්‍රදේශවල මුහුණු ආවරණ පැලඳීම, පුද්ගලයන් අතර ආරක්ෂිත දුරක් පවත්වාගැනීම, ශ්වසන ආචාර විධි අනුගමනය, අත් පිරිසිදුකිරීම සහ රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් පරීක්ෂා කරන ලෙසයි.

මේ අතර, මේ වන විට ගෝලීය COVID 19 රෝගීන් මිලියන 772 කට අධික සංඛ්‍යාවක් සහ COVID 19 මරණ මිලියන 7 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04