තම පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු කිසිදු පාර්ශ්වයකින් ට්විටර් පණිවුඩ නිකුත් නොකිරීම විමතියට කරුණක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.ඇමරිකානු ආරක්‍ෂක අංශ ද ඇමරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ල සහ කොංග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ල එරට විරෝධතාකරුවන්ගෙන් මුදාගැනීම සඳහා කටයුතු කල ආකාරයෙන් බව ද ජනාධිපතිවරයා විසින් ඇමරිකානු තානාපති ජූලි චංග් මහත්මියට පෙන්වා දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල මෙන්ම රාජ්‍යතාන්ත්‍රික කටයුතු මෙහෙයවන ස්ථානය බවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ. මෙම ස්ථානය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් මෙන්ම වැදගත් ලියකියවිලි රැසක් එහි පවතින බවද එහිදී පවසා ඇති ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ට ඉන් ඉවත්වන ලෙස 14, 18 යන දිනවල පූර්ව දැනුවත් කිරීම් සිදුකර තිබුණ ද, පෙරදින රාත්‍රිය වනතෙක් ඔවුන් ඉවත් නොවීම හේතුවෙන් පොලිසිය හා හමුදාව යොදා ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ බව ද තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.




