ගෝතමී පාරේ අවුරුදු 12 ක් කරගෙන ගිය හොර ගබඩාව වටලයි

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයෙන් ලද තොරතුරක් අනුව අද (12 ) දින මෙම ආයතනය දැනට අවුරුදු 12 ක විතර සිට වෛද්‍ය උපකරණ මෙරටට ආනයනය කරන ස්ථානයක්.

කල් ඉකුත් වීම නිසා පාවිච්චියෙන් ඉවත් කළ යුතු වෛද්‍ය උපකරණ වලට ව්‍යාජ ලේබල් අලවා අලුත් නිෂ්පාදන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ රෝහල් වලට හා ඖෂධ හල්වලට බෙදා හරින ජාවාරමක් හා මෙරට ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සමත් වී ඇත.

බොරැල්ල ගෝතමී පාරේ ගෝතමී විහාරය අසල නොම්බර 16 යන ස්ථානයේ වෛද්‍ය උපකරණ ආයනය කර ගබඩා කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මෙඩිඩයග් නම් ආයතනය අද (12) ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ කණ්ඩායමක් විසින් වටලා පරීක්ෂා කර ඇති අතර මෙහිදී කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ, මෙරටදී මුද්‍රණය කරන ලද ව්‍යාජ ලේබල්, සෞඛ්‍යාරක්ෂිත විධි විධානවලින් තොරව ගබඩා කර තිබුණු ඖෂධ, එක්වරක් පාවිචි කිරීමෙන් පසු ඉවත් කළ යුතු වුවත් නැවත නැවත සෝදා පිරිසිදු කිරීමෙන් පසු පාවිච්චියට ගත් වෛද්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

වසර 12 කට ආසන්න කාලයක සිට මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර අදාල භාණ්ඩ සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා පවසයි.

වැටලීම සිදු කළ අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09