ගොවිපලක කුකුල් මස් හොරෙන් අලෙවි කළ සේවකයන් දෙදෙනෙකු රිමාන්ඩ්

බඩල්ගම ප්‍රදේශයේ සත්ව ගොවිපලකින් රුපියල් දහසය ලක්ෂ තිස් දෙදහසක් (1,632,000.00) වටිනා කුකුල් මස් තොගයක් හොරෙන් අලෙවි කළ එම සත්ව ගොවිපලේ කළමනාකරු සහ සහකාර කළමනාකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සත්ව ගොවිපොලේ කුකුළන්ගේ අඩුවක් ඇති බවට එහි හිමිකරු අනාවරණය කරගැනීමෙන් අනතුරුවයි ඔහු මේ සම්බන්ධයෙන් බඩල්ගම පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එම සත්ව ගොවිපළෙන් කුකුල් මස් තොග වශයෙන් මිලට ගන්නා පාරිභෝගිකයන්ට අවස්ථා දෙකකදී කුකුල් මස් කිලෝ 2400ක්, සැකකරුවන් විසින් නීත්‍යානුකූල නොවන අයුරින් අලෙවි කර මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

මෙම පුද්ගලයන් දෙදෙනා අනුරාධපුරය සහ නුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?