AFC Banner
Empty Ad
Empty Ad

ගොම පිට රට පටවා ඩොලර් හොයන අසල්වැසියා

ගොම මෙට්‍රික් ටොන් 192ක් කුවේට් රාජ්‍යය වෙත අපනයනය කිරීමට ඉන්දියාව සැළසුම් කර තිබෙනවා.

ඉන්දියාව මෙලෙස ගොම අපනයනය කරන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

ඒ, අනුව එම ගොමවල පළමු තොගය නැව්ගත කිරීම සඳහා කනක්පුර දුම්රිය ස්ථානයේ සිට ගුජරාටයේ මුන්ද්‍රා වරාය වෙත අනිද්දා (15) දිනයේ දී රැගෙන යාමට නියමිතයි.

කුවේට් රාජ්‍යයෙන් ලද ඇණවුමක් අනුවයි මෙම ගොම තොගය අපනයනය කිරීමට සැළසුම් කර ඇත්තේ.

ඉන්දියාව තුළ වෙසෙන ගවයින්ගෙන් සෑම දිනකම ලැබෙන ගොම ප්‍රමාණය ටොන් ලක්ෂ 30ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

කාබනික වගාවන් සඳහා මේ වනවිට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් ගොම අපනයනයටද වැඩි ඉල්ලුමක් පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?