ගිනිගෙන විනාශ වූ නිවසක් තුළ තිබී පිලිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් සොයාගත් බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා.
අදාළ නිවස ඊයේ (23) පස්වරු 7.00ට පමණ ගින්නට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
නිවස තුළ තිබී සොයාගෙන ඇත්තේ කොහිලගේ ගුණවතී නැමැති 65 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකගේ සිරුරක් වන අතර, ඇය ආරච්චිකට්ටුව, කිරිවැල්කැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.
මෙම කාන්තාව සහ ඇයගේ ස්වාමීපුරුෂයා සමඟ අදාළ නිවසේ ජීවත්ව ඇති අතර, ඔවුන් දෙදෙනාම එක්ව රාත්‍රී කාලයේ මත්පැන් පානය කිරීම හුරු වී සිටි බවයි අනාවරණය වී ඇත්තේ.
ඊයේ (23) රාත්‍රියේ නිවසේ ඇති වූ ගින්න ප්‍රදේශවාසීන් විසින් නිවා දැමීමට කටයුතු කර ඇති අතර, නිවස තුළ සිටි කාන්තාව බේරාගැනීමට හැකි වී නැහැ.
කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ සැමියාට ගින්නෙන් හානියක් සිදුව නොමැති අතර, ගින්න හටගත් ආකාරය පිළිබඳව අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.




