පසුගිය 2024.09.23 සිට මේ දක්වා කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
එළැඹෙන 26 වනදාට යෙදෙන මත්ද්‍රව්‍ය විරෝධී දිනය පිළිබඳව පැහැදිලි කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද (23) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට රට තුළ ලක්ෂ 04ක පමණ පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවයි.
මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නව රජයට බලයට පත්වූ 2024.09.23 වන දින සිට අද දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකළා.
එහිදී හෙරොයින් – කිලෝග්‍රෑම් 1253, අයිස් – කිලෝග්‍රෑම් – 2121, ගංජා – කිලෝ ග්‍රෑම් 12,491, කොකේන් – කිලෝ ග්‍රෑම් 22ක් සහ ලක්ෂ 16කට ආසන්න මත්පෙති අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.





