ගෙදරටම ඇවිත් ගැහැණු ළමයෙක් ගුරුවරයාට පිහියෙන් අනී

පෝද්දල කාසිදෙණිය පදිංචි ගුරුවරයකුගේ නිවසට ඉකුත් 21 වැනිදා රාත්‍රී ත්‍රිරෝද රථයකින් පැමිණි ගුරුවරයාට පිහියෙන් ඇන පලාගොස් ඇති ගැහැනු ළමයා හඳුනාගෙන ඇති අතර එම අපරාධයට පැමිණි පිරිමි ළමයා මෙතෙක් හඳුනාගෙන නැත . එදින රාත්‍රී අවුරුදු 16 ක ගැහැනු ළමයකු සහ පිරිමි ළමයකු ත්‍රිරෝද රථයකින් පැමිණි ගුරුවරයාට පිහියෙන් ඇන පලාගොස් ඇති අතර සුළු තුවාල ලැබූ ගුරුවරයා බද්දේගම රෝහලට ඇතුළත් කර ඇත . මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සැකකාර ළමයා හඳුනාගැනීම සඳහා පොලිසිය විසින් පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ .