ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුරට විදේශ ගතවන කාන්තාවන්ට අප්‍රේල් 1 සිට NVQ අනිවාර්යයි

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා ප්‍රථමවරට විදේශ ගතවන කාන්තාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශය විසින් දින 15ක පුහුණු පාඨමාලාව පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටමද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දින 25ක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර, දින 3ක් NVQ (ජාතික වෘත්තිය සුදුසුකම) ඇගයීමේ කටයුතු සඳහායි වෙන්කර ඇත්තේ.

මෙයට අමතරව 2023 වසරේ අප්‍රේල් 1 දින සිට ගෘහපාලන සහායිකා තනතුර සඳහා විදේශ ගතවන කාන්තාවන් කාර්යාංශ පුහුණුව සමග වෘත්තිය මට්ටමේ ඉහළ වටිනාකමකින් යුතුව, NVQ 3 සහතිකය සහිතව විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් විය යුතුයි.

මෙහිදී, මේ වන විට කාර්යාංශ පුහුණුව ලබා ඇති කාන්තාවන් සඳහා සහ 2023 ජනවාරි 31 දින හෝ එදිනට පෙර පුහුණුව සම්පූර්ණ කර ඇති කාන්තාවන් සඳහා මෙම කොන්දේසිය අදාළ වන්නේ නැහැ.

ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව මනා පුහුණුවකින් යුතු ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සඳහා පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නංවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ලබාදුන් උපදෙස් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08