ගුවනේ පියඹා ගොස් කමිඳු රැකගත් 2025 IPL තරගාවලියේ සුපිරිතම උඩ පන්දුව (වීඩියෝ)

මෙවර අයි.පී.එල් තරගාවලියේ සිය තුන්වන ජයග්‍රහණය වාර්තා කරන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඊයේ (25) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.

මේ අතර මෙවර අයි.පී.එල් තරගාවලියේ මෙතෙක් ක්‍රීඩකයෙක් රැකගත් විශිෂ්ඨතම උඩ පන්දුව රැකගන්නට හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හැකියාව ලැබුණා.

මෙම තරගයේ චෙන්නායි කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවව සිටි ඩිවෝල්ඩ් බ්‍රෙවිස් දවාගන්නට කමිඳු රැකගත් මෙම සුපිරි උඩ පන්දුව මේ වනවිට සමාජ මාධ්‍යයේ ද වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

ඊයේ තරගයේ දී තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වීමට සමත් වූ කමිඳු; තමන් රැකගත් ඒ සුපිරි උඩ පන්දුවත් සමඟ ප්‍රතිවාදී ඉනිමේ එක් කඩුල්ලක් සහ පිත්තෙන් ලකුණු 32ක් නොදැවී රැස්කරගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් ජයග්‍රහණයට ඉහළ දායකත්වයක් ලබා දුන්නා.

https://twitter.com/dmn_mkv11/status/1915848718127169927
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
1
+1
9
+1
2
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ..ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56