ගුවන් හමුදා හෙළිකොප්ටරයක් හදිසියේම පාසලකට ගොඩබස්වයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටරයක් හොරණ තක්ෂිලා කණිටු විදුහලේ ක්‍රීඩාංගණය වෙත අද (25) උදෑසන හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

එම ප්‍රදේශයට උදෑසන බලපා තිබූ වර්ෂාපතනය සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස හෙළිකොප්ටර් යානය හදිසියේ ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ.

පුහුණු සැසියක් සඳහා අද උදෑසන රත්මලාන ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගත වූ බෙල් -412 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් මෙලෙස ගොඩබස්වා තිබුණා.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව යෑමත් සමඟ හෙළිකොප්ටරය යළි පිටත්ව ගොස් ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
14
+1
7
+1
6
+1
6
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?