ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිසට මැදපෙරදිගින් පෑදුනු ඉල්ලම

දැනට සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ගුවන් හමුදා හෙලිකොප්ටර් නියමුවන් පනස්දෙනෙකුට ආසන්න පිරිසක් මැද පෙරදිග තෙල් ආකරවල මෙහෙයුම් සදහා යොදා ගන්නා හෙලිකොප්ටර් නියමුවන් ලෙස බදවාගෙන ඇතිබව වාර්තා වනවා.

එමෙන්ම ඕමානය ආදි රටවල් කිහිපයක පොලිස් හෙලිකොප්ටර් යානා රියදුරන් ලෙසටත් හා තාක්ශණෛක නිළධාරීන් ලෙසත් ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් බඳවා ඇති බව වාර්තා වනවා.

මෙම බඳවා ගත් පිරිස මෙසේ බඳවා ගෙන ඇත්තේ ඔවුන්ගේ පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම සැලකිල්ලට ගෙනය. එසේම මෙම පිරිස් මාර්ගයෙන් මෙරටට ඩොලර් විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් ගුවන් හමුදාව පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?