ගුවන් නියමු කුටියට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති

“මේ නියමු කුටියේ සිට ඔබ අමතන්නේ අගමැතිවරයායි”, එය ගුවන් ආරක්ෂණ නිවේදනයක් නොවෙයි. ඉන්දියාවට එක්සත් රාජධානියේ විශාලතම වෙළඳ මෙහෙයුම නියමුවා ලෙස බ්‍රිටිෂ් එයාර්වේස් 9100 ගුවන් යානයෙන් මුම්බායි වෙත ගිය මගීන් පිළිගනිමින් කියර් ස්ටාර්මර් විසින්ම කළ පිළිගැනීමේ නිවේදනයයි.

” නියමු කුටියේ සිට අමතන්නේ ඔ‌බේ අගමැතිවරයායි. මුම්බායි බලා යන බීඒ 9100 ගුවන් යානයට ඔබ ඉතා උණුසුම් ලෙස පිළිගන්නවා. ඔබ සියලු දෙනා මෙම ගුවන් ගමනට එක්වීම ගැන ඉතාමත්ම සතුටු වනවා. මෙය එක්සත් රාජධානිය මෙතෙක් ඉන්දියාවට යවා ඇති විශාලතම වෙළඳ දූත කණ්ඩායමයි. අපගේ නව නිදහස් වෙළඳ ගිවිසුමේ ඇති සියලුම අවස්ථාවන් ගවේෂණය කර උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඔබ සමඟ වැඩ කිරීමට මම මහත් අපේක්ෂාවෙන් සිටිනවා. ඉතින්, හැමෝම ආරක්ෂිත ගුවන් ගමනක් ප්‍රාර්ථානා කරනවා. ගුවන් ගත වූ පසු මම ඔබට වැඩිදුර තොරතුරු ලබා දෙන්නම්,” බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් මෙලෙස ගුවන් නියමු කුටියට පැමිණියේ සිය දෙදින ඉන්දීය සංචාරය ආරම්භ කරමින්.

ව්‍යාපාරික නායකයින් සහ විධායක නිලධාරීන් 125 කට වැඩි පිරිසක් සමඟින්, ස්ටාර්මර්ගේ ගුවන් පණිවිඩය කැබින් සුහදතාවය ගැන පමණක් නොව, නවදිල්ලිය සමඟ ප්‍රධාන ආර්ථික හවුල්කාරිත්වයක් වනු ඇතැයි ලන්ඩනය බලාපොරොත්තුවේ සංකේතාත්මක ආරම්භයක්.

මෑතකදී අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස ව්‍යාපාර, සංස්කෘතික සහ විශ්ව විද්‍යාල වැනි ක්ෂේත්‍ර රැසක ප්‍රධානීන් සියයකට අධික පිරිසක් අගමැතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටිනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය අතරතුර ජූලි මාසයේදී බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කෙරුණා.

ගිවිසුම මගින් භාණ්ඩ රැසක් සඳහා තීරුබදු අඩු කෙරෙන අතර ව්‍යාපාර සඳහා වැඩි වෙළඳපල ප්‍රවේශයක් හිමිවනවා.

ලෝකයේ පස්වන සහ හයවන විශාලතම ආර්ථිකයන් ඇතිකරගත් ගිවිසුම මගින් 2040 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම තවත් පවුම් බිලියන 25.5 කින් වැඩි කිරීමට අපේක්ෂිතයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා හෙට (09) පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06