Empty Ad
AFC Banner
Empty Ad

ගුවන් තොටුපොළ ධාවන පථයේ කුරුළු වෙඩි දැමූ නිලධාරීන් අනතුරක (වීඩියෝ)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබුණා.

එහිදී ඔවුන් විසින් එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක්, යළිත් ඔවුන් ගමන් කළ කැබ්රථය මතට ඇද වැටී පිපිරී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (20) දහවල් සිදු වූ මෙම අනතුරින් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන්ට අද දහවල් 11.45 ට පමණ ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් , ගුවන් ගමන් වලට බාධා වන අයුරින්  පියසරමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ, අනුව එම නිලධාරීන් තිදෙනෙක් කැබ් රථයකින් ගුවන් ධාවන පථය අසළට ගොස්, එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා අහස් කූරු වැනි පුපුරණ ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක් පක්ෂි රංචුව දෙසට එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස එල්ල කළ වෙඩි ප්‍රහාරය පුපුරා නොගොස් යළි ඔවුන් ගමන් ගත කැබ් රථය මතට වැටී පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පුපුරා යාමෙන් පසු කැබ් රථය තුළ තිබූ එවැනි වෙඩි කීපයක් පුපුරාගොස් හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගින්න මැඩ පවත්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ගමන් ගත් කැබ් රථයට ද හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?