ගුවන් ගමන් පාළකවරුන් දහවල් 12ට අකුරට වැඩ

ගුවන් ගමන් පාළකවරුන් අද දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්වන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාද වීමක් සිදුවිය හැකි බවයි.

නමුත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා,හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා,වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය බලනොපාන බවයි.

අනෙකුත් වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලට අමතරව ගුවන් ගමන් පාළකවරුන් රට අතහැර යාම වැලැක්වීම සදහා යෝජනාවලිය වෙත රාජ්‍ය මට්ටමින් මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීම,ශ්‍රී ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලින් අය කරන ගාස්තු වලින් 40% ක් මහා භාණ්ඩාගාරය වෙත ගෙවන ලෙස රජය ගැසට් මගින් නියෝග කිරීම,සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම මූල්‍ය වශයෙන් ලබන පාඩුව අවම කිරීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් තම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?