AFC Banner
AFC Banner
Empty Ad

ගුරු විභාගය සමත් 3408 අතරින් මධ්‍යම පළාතේ පත්වීම් 378 දෙනෙකුට ද?

මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් විසින් ශ්‍රී දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ අද(10) උදෑසන සිදු කිරීමට ගිය උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වීමෙන් සාමකාමී විරෝධතාවක් බවට පත් ව තිබෙනවා.

මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් කර තිබුණේ දළඳා මාලිගා අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල පිවිසුම් දොරටුව අසල දී ය.

මධ්‍යම පළාතේ ගුරු පුරප්පාඩු පියවීම සඳහා උපාධිධාරීන් තෝරා ගැනීම උදෙසා මෙම වසරේ අප්‍රේල් මස 20 වැනි දින තරග විභාගයක් පැවති අතර ඒ සඳහා සහභාගී වූ උපාධිධාරීන් අතරින් 3408 දෙනෙකු විභාගය සමත් වුව ද පත්වීම් ලබාදීම සඳහා කැඳවා ඇත්තේ ඉන් 378 දෙනෙකු පමණක් බැවින් ඊට එරෙහි ව අදාළ විරෝධතාව සංවිධානය කර තිබුණා.

විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියේ විභාගය සමත් වූ සියලු දෙනා හට ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

මහනුවර පොලිසිය මැදිහත් වීමෙන් පසුව විරෝධතාවයේ නියුතු පිරිස සාකච්ඡාවක් සඳහා මධ්‍යම පළාතේ ආණ්ඩුකාර කාර්‍යාලය වෙත යොමු කෙරුණා.

එහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය විරෝධතාකරුවන් හට දැනුම්දී ඇත්තේ ඔවුන්ගේ ගැටලුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?