ගුරු විදුහල්පති වැටුප් ගැටලුවේ තිරණය අද

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව තිබේ.

අමාත්‍ය අනුකමිටු යෝජනාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත යොමුකෙරුණි.

අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත්කළ යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල එකඟතාවද පළ වී ඇති බව වාර්තා වේ.

වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර පසුගිය දා පැවැති සාකච්ඡවේ දී සාධනීය තත්ත්වයක් ඇති වු බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

විසඳුම් ඉදිරිපත් වු වහාම ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව සිටිම, සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණවලින් ඉවත්ව සිටිම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බැහැර වන බව ඔවුන් සඳහන් කළේය