AFC Banner
AFC Banner
Empty Ad

ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් පන්දහසක දීමනාව ගැන නිකුත් වූ චක්‍රලේඛණය

ගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් පන්දහසක අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල අදාළ මුදල ලබාදෙනු ඇති.

එසේම, මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් හෙට වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින් වර්ජනයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහෙත්, ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමු කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නො මැති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.එමෙන්ම, තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛන්ඩ ව ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?