ගුරු උසස්වීම් සදහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය ගැසට් වෙයි

2026 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ වන ගැසට් නිවේදනය අද (19) දින නිකුත් කළා.

ගුරුවරුන් විසින් තම උසස් වීම් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනකට මුහුණ දිය යුතු අතර ඒ සඳහා මොඩියුල 10ක් අධ්‍යයනය කළ යුතුයි.

ඒ අනුව පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය අදාළ වන්නේ ගුරු සේවයේ 3 පන්තිය II ශ්‍රේණිය, 3 පන්තිය I ශ්‍රේණිය, 2 පන්තිය II ශ්‍රේණිය සඳහා ඎජුව බඳවා ගත් ගුරුවරුන් සඳහා වන අතර ඔවුන් විසින් මොඩියුල 4ක් අධ්‍යයනය කළ යුතු වනවා.

දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය ගුරු සේවයේ 2 පන්තිය II ශ්‍රේණිය පළමු පියවර සහ 2 පන්තිය II ශ්‍රේණිය තුන්වන පියවරෙහි පිහිටවනු ලැබූ ගුරුවරුන්ට අදාළ වන අතර ඔවුන් විසින් මොඩියුල 3ක් ද තෙවන කාර්යක්ෂමතා ඉඩඉම් විභාගය ගුරු සේවයේ 2 පන්තිය I ශ්‍රේණිය ගුරුවරුන් සඳහා අදාළ වන අතර ඔවුන් විසින් මොඩියුල තුනක් ද අධ්‍යයනය කළ යුතු බවයි වාර්තා වන්නේ.

2026.06.19 වන දින නිකුත් වන ගැසට් නිවේදනය අදාළ වන්නේ පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහාප පමණයි.
දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගවලට අදාළ ගැසට් නිවේදන ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි.

පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් 2026.06.22 දින සිට 2026.07.17 දින දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකියි.

මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රථම වරට පැවැත්වෙන බැවින්, ඊට අදාළ විෂය නිර්දේශය ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ e-thaksalawa නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17