Empty Ad
AFC Banner
Empty Ad

ගුරුවරු 400 ක් පොසිටිව්, 25 ක් මැරිලා කියලා ? ජෝසප් ස්ටාර්ලින් ඇත්ත හෙලි කරයි

ගුරු – විදුහල්පති උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් 400 ක් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටත් ඉන් ගුරුවරුන් 25 ක් මියගිය ඇති බවටත් සිළුමිණ පුවත්පත පලකර ඇති පුවත සම්පූර්ණ අසත්‍යක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සිළුමිණ පුවත්පතට හෙළිකල බව පවසා සුභාෂිණී ජයරත්න නම් මාධ්‍යවේදිනියක් විසින් අදාළ පුවත අද (29) සිළුමිණ පුවත්පතට ලියා තිබෙනවා.

ජෝසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත ගුරු උද්ඝෝෂණය නවතා දමා දැනට සති දෙකකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් ඇති බවයි.

එවැනි තත්ත්වයක් මත ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතියක කාන්තාවක් යොදවා එය මගින් ජාතික පුවත්පතක මුල්පිටුවේ පදනම් විරහිත පුවතක් පලකිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බවද ඔහු පවසනවා.

ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව පිළිබදව පත්කර ඇති අමාත්‍ය අනුකමිටුවේද සාමාජිකයෙන් වන ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා තමන් යටතේ ඇති ලේක්හවුස් ආයනයේ ප්‍රධාන පුවත්පතක පලවන මෙවැනි අසත්‍ය පුවත් සම්බන්ධයෙන් දක්වන්නේ කුමන මතයක්දැයි ගුරුවරුන් අවධානයෙන් සිටින බව ජෝසප් ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

“ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා, මරණ 25යි, අසාදිතයන් 400” යන සිරස්තලය යටතේ සිළුමිණ ඉරිදා (29) පුවත්පතේ පලවූ මෙම පුවතේ මරණයට පත්වූ ගුරුවරුන් 25 දෙනාගේ නම් හෝ සඳහන්ව නොතිබීම විශේෂත්වයක්.

එමෙන්ම ජාතික පුවත්පතක මුල් පිටුවේ පලවන පුවතක සිරස්තල‍ෙ අක්ෂර දේෂ සහිතව පලවන විරල අවස්ථාවක්ද මෙම පුවත මඟින් සිදුකර තිබෙනවා.

ඒ අනුව ‘ආසාදිතයන්’ යන වචනය ‘අසාදිතයන්’ ලෙස පලකර තිබෙන අයුරු විද්යුත් මුද්‍රණයේත් සාමාන්‍ය මුද්‍රණයේත් දක්නට ලැබෙනවා.

සිළුමිණ පුවත්පතේ කතෘත්වය දරන්නේ ධර්මන් වික්‍රමරත්න මහතායි.

2owumo40
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
00:00
Video thumbnail
දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ ටයිකෝට් ඇන්ද අයට - කෝචෝක් කරයි
05:42
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:26:50
Video thumbnail
අපිලගේ සාදු රිලා රැලකට කොටුවෙයි - මුං ගණන් කරන්නේ කොහොමද ? නාමල් කියාපිය
02:02
Video thumbnail
මහියංගනයේ සංගණනය පිස්සු හැදෙයි - වඳුරෝ - රිලව් සූ ගාලා
03:16
Video thumbnail
සත්තු ඉන්නවා 6+3 = 9ක් ඉන්නවා(වඳුරෝ )
01:07
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15

?