ගුරුවරුන්ට නිවාඩු පදනම මත විදෙස් ගතවීමට අවසර නැහැ – ජෝසප් ස්ටාලින් (වීඩියෝ)

ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු පදනම මත විදේශ ගතවීමට අවසර ලබාදී ඔවුන් විදේශ ගතවීමේ දී මේ වනවිට ආණ්ඩුව විසින් ම යම් යම් බාධක පනවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් අද (15) ඔහු මේ බව සඳහන් කර සිටියා.

මේ විටත් ගුරුවරු සම්බන්ධයෙන් විදේශ නිවාඩු අනුමත නොකිරීමේ තීරණයක් රජය විසින් ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

එවැනි තත්ත්වයක් තුළ ගුරුවරුන් තම රැකියාවෙන් ඉවත්ව විදෙස් ගතවීමේ ප්‍රවනතාවයක් ද මතුව ඇති බව ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළා.

මේ වනවිටත් ගුරුවරුන් 5,000ක පමණ සංඛ්‍යාවක් රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවේ.

එය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ද පිළිගත් බව ලේකම්වරයා සඳහන් කර සිටියා.

  1. THO NAKI MUSALAYA THO THAMAYI ATHI AGWURAWANEEYA GURU WURTHIYA PARATA BASSALA SAMAJA GARUTHWAYA WINASHA KALAEYI. GURU WURTHIYE DEWANI UNE WINISURU WURTHIYTA WITHARAYI. EKA EY THARAM GHAMBHEERA USAS SAMAJA THATHWAYAKTHIUNA WURTHIYAK THOPI JVP SAHA PERATTO EKATHUWELA EKA KEWA.