ගිනිගත් වැඩිහිටි නිවාසයේ හිමිකරුට ඇප

පසුගිය දා ගිනිගැනීමට ලක්වූ සෙනෙහස කැදැල්ල වැඩිහිටි නිවාසයේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ, එම වැඩිහිටි හිමිකරුට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විවින් ඇප නියම කර තිබෙනවා.

රුපියල් ලක්ෂක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුව ඇප මත මුදාහැරීමට හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ නියෝග කළේ.

යළි මෙම නඩුව ලබන 25 වැනිදා කැඳවීමට නියමිතයි.