ගිනිගත්හේන නගරය ලොකු අවදානමක! ගොඩනැල්ලක වීදුරු එකවරම කඩා වැටෙයි

ගිනිගත්හේන නගරයේ සුපිරි වෙලදසැලක ඉදිරිපස විදුලි කිහිපයක් එක වරම කැඩි යාම සම්බන්ධයෙන් වහාම සොය බලන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනට අද (05) දින දැනුම් දුන් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

අද (05) දින උදැසන 10 ට පමණ වසා දමා තිබු එම සුපිරි වෙලදසැලේ ඉදිරිපස විදුරු කිහිපයක් එකවරම කැඩිගොස් ඇති බවත්, එම ගොඩනැගිල්ල සහිත ප්‍රදේශය මිට ප්‍රථම නායයාමේ අවධානමක් සහිත ස්ථානයක් බවට හදුනාගෙන තිබු බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා කියා සිටින්නේය.

සුපිරි වෙලදසැලේ ඉදිරිපස විදුරු එකවරම කැඩියාම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අද (05) දින නිරික්ෂණය කරනු ලැබුහ.

එම නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු නුවරඑලිය අපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා කියා සිටියේ ඊයේ (04) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයට මිලිමිටර් 121 වර්ෂාපතනයක් වාර්තා වු බවයි.

පවතින අධික වර්ෂාවත් සමග නායයාමේ අවධානමක් පැවතිය හොත් එම ස්ථාන වලින් වහාම ඉවත් වන ලෙසට සහකාර අධ්‍යක්ෂකවරයා නුවරඑලිය ජනතාවගෙන් ඉල්ලා සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?