ගිං ගඟේ අතුරුදන් වූ මාරක ළිඳේ යතුරුපැදි ධාවකයාගේ සිරුර හමුවේ (වීඩියෝ)

පසුගිය පළමුවනදා ගාල්ල – නාගොඩ ප්‍රදේශයේ පාලමක් මතින් ගිං ගඟට පැනීමෙන් පසු දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර අද (03) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ගිං ගඟට පැන්න ස්ථානයේ සිට කිලෝමීටර් 06ක් පමණ දුරින් හුනන්විටිය ප්‍රදේශයේ තිබී සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ මේ දිනවල පවත්වනු ලබන සැණකෙළියක මාරක ළිඳේ යතුරුපැදි ධාවනයේ යෙදුනු අයෙක් බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම තැනැත්තා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පෙරේදා (01) දිනයේ මත්පැන් පානය කර ගිං ගඟේ දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී ඔහු බීමතින් පාලමක් මතින් ගිං ගඟට පැන ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබුණා.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි ඔහුගේ සිරුර මෙලෙස අද සොයා ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?