ගෑස් ලිප පිපිරීම නිසා නංගි භූමිතෙල් ලිපක් මිලට ගෙනත් දුන්නා

මෙරට තුළ උද්ගතව ඇති ගැස් ප්‍රශ්නය ආශ්‍රිත පිපිරීම් නිසා භූමිතෙල් ළිපක් නිවෙසට රැගෙන ආ තුන් මස් ගැබිනියක එම භූමිතෙල් ළිප දල්වා ආහාර රත් කරමින් සිටියදී එය පෙරළී සිරුරට ගිනි ඇවිලී පිළිස්සුම් තුවාල ලබා මිය යැමේ කනගාටුදායක පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක උසාවියේදී අනාවරණය විය .

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මිය ගොස් ඇත්තේ මඩකලපුව , ක්ලාස් පාරේ පදිංචිව සිටි කාදර් සහිළි ෆාතිමා පකීයිකා ( 29 ) නැමැති කාන්තාවකි . මේ සම්බන්ධ මරණ පරික්ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශාන් සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර , එහිදී සාක්ෂි දුන් මියගිය අයගේ සොහොයුරකු වන කාදර් සාහිබු මුජිබා ( 33 ) යන අය මෙසේ පැවසීය .

මිය ගොස් සිටින්නේ මගේ නංගී . ඇය විවාහකයි . ඇයට අවුරුදු 11 ක පුතෙක් ඉන්නවා . ඇය මාස තුනක ගැබිනියක් . මුලදී ඇයගේ නිවෙසේ තිබුණේ ගෑස් ළිපක් . ගැස් ළිත් පුපුරණ තත්වය රට වටෙන්ම වාර්තා වීම නිසා ගෙදරට භූමිතෙල් ළිපක් ගෙනැවිත් තිබෙනවා . එදින ඇය රාත්‍රී 10 ට පමණ ඇයගේ ස්වාමි පුරුෂයා ගෙදරට ඒමට පෙර කෑම රත් කරන්න ගිහින් තිබෙනවා . එවිට තමයි භූමිතෙල් ළිප පෙරලී තිබෙන්නේ . ඒ අවස්ථාවේ ඇය දිග ගවුමක් ඇදගෙන සිටි නිසා දිග ගවුමට භූමිතෙල් හැලී ගිනි ගෙන තිබෙනවා . පසුව ඇය බිම පෙරලී ගින්න නිවාංගෙන . ඒ වෙලාවේ නිවෙසේ නිදාගෙන සිටි පුතා භූමිතෙල් සුවඳට දුවගෙන ඇවිත් තිබෙනවා . පසුව අවුරුදු 11 ක ඇයගේ පුතා තමයි වතුර කෝප්පයක් ගෙන වතුර ගසමින් ගින්න නිවනට උත්සාහ ගෙන තිබෙනේ . ඉන්පසු දරුවා අල්ලපු ගෙදරට කතා කර ඔවුන් ගෙන්වා ගෙන ත්‍රිරෝද රථයකින් මඩකලපුව රෝහලට මව රැගෙන ගොස් තිබෙනවා .

ඇයව එම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවලා . පසුව ඇය මාත් සමග මේ සිද්ධිය වුණු හැටි පැවසුවා . මා ඇයට උදවු කිරීම සඳහා කොළඹින් නිවෙසක් කුලී . පදනම මත ලබා ගෙන දවස් 21 ක් නැවතී සිටියා . මඩකලපුව රෝහලේදී ඇය ගසා වී ඇති බව දැනුම් දුන්නා . කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එම්.එන් . රුහුල් හුක් මහතා විසින් මිය ගිය ගැබිනි කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂකවරිය මෙම මරණය භූමිතෙල් ළිපේ ගිනි දැල්වී පිළිස්සුම් තුවාල ලැබීම හේතුවෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළාය . මරදාන පොලිසියේ සැරයන් මර්වින් මහතා ( 31774 ) මෙහිදී සාක්ෂි මෙහෙය විය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48