ගෑස් බෙදීම හෙටත් සිදු නොවේ

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයින් වෙත එම සමාගමෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.එහි දැක්වෙන්නේ, හෙට (25) දිනයේත් ගෘහස්ථ ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසය.

හෙට දිනයේ ගෑස් බෙදාහැරීමක් සිදුනොකරණ බැවින් මහජනතාවට පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.මේ අතර අද (24) දිනයේත් ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදුනොවන බව අදාළ සමාගම ඊයේ දැනුම්දී තිබුණි.

  1. රට තුළ පවතින ගෑස් හිඟය බැසිල් රාජපක්ෂගේ දේශපාලන උපක්‍රමයක් ලෙස කෘතිමව මවා පාන්නක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. දැනටමත් ගෑස් නැවක් ත්‍රිකුණාමලයට ළඟා වී ඇති අතර, කාළගුණය අයහපත් වීම හේතුකොට ගෙන ගෑස් ගොඩ බෑමේ කටයුතු ප්‍රමාද වන බව රජය විසින් ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් ගෑස් ගොඩ බෑම සම්බන්ධයෙන් සැබෑ හේතුව එය නොවන බව පැවසෙන අතර, බැසිල් රාජපක්ෂ ගේ හිතවතෙකු වන ලිට්‍රෝ සභාපති විජිත හේරත් විසින් බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි ගෑස් ගොඩ බෑම හිතාමතාම ප්‍රමාද කර ඇති බව වාර්තා වේ.
    එමගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුතු නව ආණ්ඩුව අපහසුතාවයට පත් කොට ඉන් දේශපාලන වාසියක් ලබාගැනීමත්, ආණ්ඩුව තුළ තමන්ගේ බලය පෙන්වීමත් බැසිල් රාජපක්ෂ ගේ අරමුණ වී තිබේ.
    ඕනෑම පහත් ක්‍රියාවකට බැසිල් පසුබට නොවේ..
    විජිත හේරත් ගෝඨාභය රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය කරන ලද පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ද වන අතර, රාජපක්ෂලා ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටින පුද්ගලයෙකු ලෙස ප්‍රකට ය. කලින් අනිල් කොස්වත්ත සභාපතිවරයා මාර්ගයෙන් ලිට්රෝ එක හූරා කෑ බැසිල් රාජපක්ෂ තෙසර ජයසිංහ තම සේවය අතඅත්හැර යනතෙක්ම ඔහුට පහර ගැසුවේ ය. පසුව ඔහු විජිත හේරත් ලිට්රෝ ගෑස් සභාපති ලෙස පත් කිරීමෙන් පසු නැවත එම බලඅධිකාරය තමන් නතු ගත්තේය. දැන් ලිට්‍රෝ ගෑස් සමාගම තමන්ට ඕනෑම ආකාරයක පහත් ක්‍රියාවක් සඳහා යොදා ගැනීමට බැසිල් රාජපක්ෂ පසුබට වන්නේ නැත.
    ලිට්‍රෝ ගෑස් සමාගම ජාත්‍යන්තර මූදෙන් ගෑස් ලබා ගන්නේ කෙරවලපිටිය යේ ඇති තම පිරවුම් සංකීර්ණයට ආසන්න මුහුදේ සවිකොට ඇති ගෑස් නල මාර්ගයකිනි. ෂෙල් සමාගම විසින් මීට වසර ගණනාවකට කලින් ස්ථාපනය කළ මෙම නල පද්ධතිය වාරකන් සමයේ සමහර දිනයන්හි දී භාවිතයට ගත නොහැක. කිමිදුම්කරුවන් මාර්ගයෙන් නෞකාවේ නලයට සවිකිරීම මුහුද කැළඹෙන අවස්ථාවේදී කළ නොහැක. එම අවස්ථාවේදී සමාගම සිදු කරන්නේ තම සංචිත වලින් ගෑස් නිකුත් කිරීම සහ කොළඹ වරාය හරහා බවුසර මාර්ගයෙන් ගෑස් බාගත කිරීමයි. ඒ සඳහා සමාගම සතුව ගෑස් බවුසර සතුවන්නේ සීමාසහිත ප්‍රමාණයකට ය. මේ වන විට ගෑස් සමාගමේ හදිස්සි සංචිත අවසන් වී ඇති බැවින් ගෑස් බාගත කිරීමේ එකම විකල්පය වන්නේ කොළඹ හරහා බවුසර් මාර්ගයෙන් කෙළවරපිටිය ට ගෑස් ලබා ගැනීමේ ඉතා අධික අපහසු ක්‍රියාමාර්ගයකි.