ගෑනියෙක් නිසා තාත්තයි පුතයි මරා ගෙන

හේනේ පැලේදී පුතාගේ බිරියට තාත්තා අයුතු යෝජනා කළාලු

ජම්බුගහපිටිය, මන්දණ්ඩාවෙල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් ආරවුලක් මුල්කරගෙන පිහියකින් එකිනෙකාට ඇනගෙන ඇතැයි කටුගස්කොට පොලිසිය පැවසීය.

එම පියා විසින් පුතුගේ බිරිඳට අයුතු යෝජනාවක් කිරීම සහ ඉඩම් ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇතැයි ද පොලිසිය කීවේය.

තම පියා විසින් තමාට පිහියකින් කෙටු බවට පුතා විසින් කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇති අතර, තම පුතා තමා පසු පස පන්නා තමාට පිහියකින් කෙටු බවට පියා විසින් ද පොලිසියට පැමිණිලි කර ඇත.

විමර්ශන වලින් අනතුරුව කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකාර පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පුතා නිතරම මහගෙදර ඔහුගේ නමට ලියා දෙන ලෙස තමාගෙන් කරනු ලබන ඉල්ලීම ඉවසාගත නොහැකිව හේනේ තැනු පැලක ජීවත්ව සිටි බවත් එසේ පැලේ සිටියද තමා පුතාට සලකන බවත් එම පියා පොලිසියට පවසා ඇත. තමාට අයත් ත්‍රිරෝද රථය පාවිච්චි කරනන්නේද පුතා බවද හෙතෙම වැඩිදුරටත් පොලිසියට පවසා තිබේ.

මේ අතර, පුතා පොලිසියට පවසා ඇත්තේ තම බිරිඳ පියාට ආහාර රැගෙන හේනේ පැලට ගිය අවස්ථාවේ ඇයට අයුතු යෝජනාවක් කළ නිසා ඔහු සමග ආරවුලක් ඇතිකරගත් බවයි.

අත්ඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (9 වැනිදා) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 බැගින්වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර, වැඩිදුර විභාගය ඔක්තෝබර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

විජේරත්න හල්ඔලුව – හාරිස්පත්තුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16
Video thumbnail
මෙන්න කාළගුණයේ උඩු යටිකුරු වෙන වෙනස..සුළු වැස්සකටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්..!
08:00
Video thumbnail
රඹුක්කන - නුවර දුම්‍ රිය මාර්ගයේ සිදුවූ හානිය ඉතා බරපතළයි..මේ අභියෝගය අපි කොහොමහරි ජයගන්න ඕනි
13:32
Video thumbnail
මහ වාරි ජලාශ මේ වනවිට 31ක් වාන් දාලා..සාමාන්‍ය ධාරිතාවය ජලාශවල 80%ක් පමණ ජලය පි‍රිලා පවතිනවා
08:44
Video thumbnail
අසේල ප්‍රසිද්ධියේම ලීක්කළ රහසිගත පින්තූරය..නත්තල් පප්පා වගේ ගණන් කියලා දැන් ජිම් පප්පාවෙලා තියෙන්නේ
06:26
Video thumbnail
බලන දුම්රිය ස්ථානය අසල, දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම කැඩී යයි.."දිට්වා" සුළි කුණාටුව කළ විපතක තරම..
00:58
Video thumbnail
රජයේ ඇමතිලාගේ Photoshoot දැන් නවත්තපල්ලා..මිල වැඩි කරනවනම් ඇයි වෙළෙඳ අමාත්‍යංශයක් වහලා දාන්න
08:16
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ පාදෙණියේ බිහිසුණු බස් - ලොරි අනතුර
00:31
Video thumbnail
ආණ්ඩුව විනාශ කරන්න කිහිප දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..චන්ද්‍රිකාගේ මැදිහත්වීම ගැන අපිට සතුටුයි
05:15


?