ගැහැණු වගේ ඇදුම් ඇඳගෙන ඇවිත් නිවෙස් මංකොල්ලකන අලුත්ම ක්‍රමය

යාපනය,කල්වියන්කාඩු නිවසක් මංකොල්ලකෑමට පැමිණි කල්ලියක් නිවස මංකොල්ලකා නිවසට අලාභහානි සිදුකොට පළා යන සිසිටිවි විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවති.

හදුනාගැනීමට නොහැකිවන ලෙසට කාන්තාවන්ගේ ඇදුම් ඇඳගෙන විත් අදාළ මංකොල්ල කල්ලිය නිවස මංකොල්ලකන අයුරු එහි දැක්වෙයි.

ඊයේ(15) අලුයම අදාළ පිරිස නිවසට ඇතුළු වී නිවසේ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති අතර, නිවසේ ජනෙල් දොරවල්වල වීදුරු කඩා දමා ඇති බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළහ.