ගැරඬිඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් කතරගම ඩිපෝ අධිකාරිවරයාට නඩු (වීඩියෝ)

මැයි මස 11 වැනි දින කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක බස් අනතුරට හේතුව රියදුරුට තිබූ අධික තෙහෙට්ටුව සහ වෙහෙස බව අනාවරණය වී තිබෙනවා.

එකී සිද්ධිය පිළිබඳ ව විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇතුළු කමිටුව කටයුතු කළ අතර එම කමිටුව විසින් සකස් කරන ලද පරීක්ෂණ වාර්තාව අද (11) මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත පිළිගැන්වීමෙන් පසුව පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේ දී මේ බව අනාවරණය කෙරුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු මියගිය අතර තවත් 53 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

අනතුරට ලක් වූ බස් රථයේ සම්පූර්ණ ගමන් කාලය පැය 09.30ක් බවත්, කොන්දොස්තර සහ රියදුරු ඩිපෝවට පස්වරු 06ට වාර්තා කර ඇති බවත්, ඔවුන්ගේ රාජකාරී කාලය පැය 13ක් බවත් මෙම පරීක්ෂණ වාර්තාවෙන් හෙළි ව තිබෙනවා.

රියදුරුට කිසිදු අසනීප තත්ත්වයක් හෝ ඔහු කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිත කර නොමැති අයෙක් බවටත් හෙළි ව ඇති අතර, බස් රථයේ ද කිසිදු තාක්ෂණික දෝෂයක් තිබී නැහැ.

එබැවින් මෙම විශේෂ විමර්ශන වාර්තාවට අනුව බස් රථය රියදුරුට තිබූ අවිවේකී බව සමග පෙරළී යන්නට ඇතැයි විශ්වාස කර තිබෙනවා.

එමෙන්ම මෙම බස් රථය ඉතාමත් දුෂ්කර මාර්ගයක ධාවනය වන බවත්, එතරම් දුෂ්කර මාර්ගයක බස් රථය ධාවනය වීමට තරම් සුදුසු මට්ටමක තිබේ යැයි ගමනාගමන මණ්ඩලය සහතික කර නොමැති බව ද වාර්තාවේ සඳහන්.

එම බස් රථයේ ප්‍රමිතිය ගැන සහතික කරගැනීම සිදු කළ යුත්තේ කතරගම ඩිපෝ අධිකාරිවරයා බවත්, ඔහු එම වගකීම පැහැරහැරීම හේතුවෙන් විශේෂ පරීක්ෂණ කමිටුව මගින් ඩිපෝ අධිකාරිවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද පැවසෙනවා.

එමෙන්ම මාර්ගය නිසි ලෙස නඩත්තු නොකිරීමට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීමක් සිදු කළ හැකි ද යන්න සොයා බැලීමක් සිදු කරන බව ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
7
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?