ගැරඬිඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් කතරගම ඩිපෝ අධිකාරිවරයාට නඩු (වීඩියෝ)

මැයි මස 11 වැනි දින කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක බස් අනතුරට හේතුව රියදුරුට තිබූ අධික තෙහෙට්ටුව සහ වෙහෙස බව අනාවරණය වී තිබෙනවා.

එකී සිද්ධිය පිළිබඳ ව විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඇතුළු කමිටුව කටයුතු කළ අතර එම කමිටුව විසින් සකස් කරන ලද පරීක්ෂණ වාර්තාව අද (11) මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත පිළිගැන්වීමෙන් පසුව පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේ දී මේ බව අනාවරණය කෙරුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු මියගිය අතර තවත් 53 දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

අනතුරට ලක් වූ බස් රථයේ සම්පූර්ණ ගමන් කාලය පැය 09.30ක් බවත්, කොන්දොස්තර සහ රියදුරු ඩිපෝවට පස්වරු 06ට වාර්තා කර ඇති බවත්, ඔවුන්ගේ රාජකාරී කාලය පැය 13ක් බවත් මෙම පරීක්ෂණ වාර්තාවෙන් හෙළි ව තිබෙනවා.

රියදුරුට කිසිදු අසනීප තත්ත්වයක් හෝ ඔහු කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිත කර නොමැති අයෙක් බවටත් හෙළි ව ඇති අතර, බස් රථයේ ද කිසිදු තාක්ෂණික දෝෂයක් තිබී නැහැ.

එබැවින් මෙම විශේෂ විමර්ශන වාර්තාවට අනුව බස් රථය රියදුරුට තිබූ අවිවේකී බව සමග පෙරළී යන්නට ඇතැයි විශ්වාස කර තිබෙනවා.

එමෙන්ම මෙම බස් රථය ඉතාමත් දුෂ්කර මාර්ගයක ධාවනය වන බවත්, එතරම් දුෂ්කර මාර්ගයක බස් රථය ධාවනය වීමට තරම් සුදුසු මට්ටමක තිබේ යැයි ගමනාගමන මණ්ඩලය සහතික කර නොමැති බව ද වාර්තාවේ සඳහන්.

එම බස් රථයේ ප්‍රමිතිය ගැන සහතික කරගැනීම සිදු කළ යුත්තේ කතරගම ඩිපෝ අධිකාරිවරයා බවත්, ඔහු එම වගකීම පැහැරහැරීම හේතුවෙන් විශේෂ පරීක්ෂණ කමිටුව මගින් ඩිපෝ අධිකාරිවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද පැවසෙනවා.

එමෙන්ම මාර්ගය නිසි ලෙස නඩත්තු නොකිරීමට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීමක් සිදු කළ හැකි ද යන්න සොයා බැලීමක් සිදු කරන බව ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
7
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34