ගැබ්බර මුවදෙන මැරූ සිද්ධියට තවත් අයෙක් අල්ලයි – සැරයන් දෙදෙනා ඇතුළු සිව්දෙනා අද උසාවියට

ගලේවෙල, මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂියේදී ගැබ්බර මුවදෙනක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඔහු සමඟ බලපත්‍ර රහිත ගිනි අවි 03ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (25) දින අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරු දෙදෙනා ඇතුළු තුන්දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි අනෙක් සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ අතර ඊයේ අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් පුද්ගලයා සොහොයුරන් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 04 දෙනා අද (26) දිනයේ දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
1
+1
4
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !