spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැටලුකාරී ඖෂධ සමාගම්වලට දුන් ඇණවුම් අත්හිටුවයි

ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින සමාගම් වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට සහ අවලංගු කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අවසන් කරන තෙක් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති සියලු ගෙවීම් ද නතර කරන ලෙසටයි අමත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර වංචනිකව ඖෂධ මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට සහ ඒවා වෙළෙඳ පොළට මුදා හැරීම නතර කරන ලෙසට ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකවරයකු, ස්වේඡාසංවිධානයක්, ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ තවත් පුද්ගලයකු මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කළා.

මේ සම්බනධයෙන් යම් හැදෑමක් කර විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.

නිලධාරීන් ප්‍රකාශ සටහන් කරමින් , ලිපි ලේඛණ පරික්ෂා කරමින් මුලික විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?