ගැටලුකාරී ඖෂධ සමාගම්වලට දුන් ඇණවුම් අත්හිටුවයි

ඖෂධ සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින සමාගම් වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට සහ අවලංගු කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අවසන් කරන තෙක් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති සියලු ගෙවීම් ද නතර කරන ලෙසටයි අමත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර වංචනිකව ඖෂධ මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට සහ ඒවා වෙළෙඳ පොළට මුදා හැරීම නතර කරන ලෙසට ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකවරයකු, ස්වේඡාසංවිධානයක්, ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ තවත් පුද්ගලයකු මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කළා.

මේ සම්බනධයෙන් යම් හැදෑමක් කර විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.

නිලධාරීන් ප්‍රකාශ සටහන් කරමින් , ලිපි ලේඛණ පරික්ෂා කරමින් මුලික විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22