ගාසා සටන් විරාමය ආරම්භ වෙයි – මෝදිගෙන් ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක්

ගාසා තීරයේ සටන් විරාමය ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඔවුන් සඳහන් කළේ ඒ අනුව සිය හමුදා ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවලින් ඉවත් වී ඇති බවයි.

ට්‍රම්ප් සැලැස්ම යටතේ එකඟ වූ සීමා ඔස්සේ භට පිරිස් ස්ථානගත වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වසර දෙකකට පසු හමාස් සංවිධානය සමග සටන් විරාමයකට එළැඹෙමින් ඊශ්‍රායල රජය ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කිරීම ඇතුළත් සටන් විරාම ගිවිසුමේ පළමු අදියර සඳහා අනුමැතිය ලබා දීමත් සමග ගාසා තීරයේ මෙම වර්ධනයන් සිදු වනවා.

මේ යටතේ හමාස් සංවිධානය විසින් දැනට ජීවතුන් අතර සිටින බවට විශ්වාස කරන ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම නිදහස් කළ යුතු අතර මියගිය ප්‍රාණ ඇපකරුවන් 28 දෙනාගේ සිරුරු ආපසු ලබා දිය යුතුයි.
ඒ සඳහා ඔවුන්ට පැය 72ක කාලයක් ලැබෙනවා.
එමෙන්ම බන්ධනාගාරවල ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින පලස්තීන සිරකරුවන් 250ක් සහ ගාසා තීරයේ රැඳවියන් 1,700ක් ද ඊශ්‍රායලය නිදහස් කරනු ඇති.
ආධාර රැගත් ට්‍රක් රථ සිය ගණනක් ගාසා තීරයට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ගාසා තීරය සඳහා එක්සත් ජනපද සහාය ලත් සාම සැලැස්මේ පළමු අදියර පිළිබඳ ගිවිසුම ඉන්දියාවේ ඇගයීමට ලක්ව තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වූ දුරකතන සංවාදයේදී ඒ සඳහා ගත් උත්සාහය සාර්ථක වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියා – ඇමරිකා වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය ද සමාලෝචනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
රුසියානු තෙල් මිලදී ගැනීම් හේතුවෙන් පැනවූ 25% ක දණ්ඩනීය බද්දක් ඇතුළුව ඇමරිකානු පරිපාලනය ඉන්දියානු අපනයන සඳහා 50% ක තීරුබදු පැනවීම මත දෙරට අතර සබඳතා දුර්වල වී ඇති පසුබිමක දෙරටේ නායකයින් අතර මෙම දුරකතන සංවාදය පැවැත්වීම විශේෂත්වයක්.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදායින් පසු මෝදි සහ ට්‍රම්ප් අතර පැවති දෙවැනි දුරකතන සංවාදය මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34