ගාසා වැසියන් දැඩි ආහාර සහ පානීය ජල අර්බුදයක – පලස්තීන ජනපතිගෙනුත් විශේෂ ප්‍රකාශයක්

හමාස් සංවිධානයේ ක්‍රියා “පලස්තීන ජනතාව නියෝජනය නොකරන” බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය හමුදාවන් ගසා තීරණයේ ගොඩබිම් ආක්‍රමණය දියත් කිරීම සඳහා දේශපාලන විධානය ලැබෙන තුරු බලාසිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලය මෙලෙස ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වන පසුබිමක ගාසා තීරයේ මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී සිටිනවා.

මෙලෙස අවතැන් වී ඇති ගාසා තීරයේ ජනතාව මේ වනවිට දැඩි ආහාර සහ පානීය ජල හිඟයකින් පෙලෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළේ.

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීමෙන් ළමුන් 700කට අධික සංඛ්‍යාවක් ඇතුළුව 2,670කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයට ජලය, විදුලිය සැපයීම ඊශ්‍රායලය විසින් නවතා තිබූ අතර, ඊයේ දිනයේ දී දකුණු කලාපයට ජලය සැපයීම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මේ අතර ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය සමඟ ද සටනකට මැදිවීමට ඊශ්‍රායලය හමුදාවන්ට සිදුව ඇත්තේ එම සංවිධානය ලෙබනනයේ සිට ඊශ්‍රායලයට කාලතුවක්කු ප්‍රහාරයන් එල්ල කිරීමත් සමඟයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරන ලෙස හමාස් සංවිධානයෙන් ඉල්ලා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා මාර්ගයක් ලබා දෙන ලෙස ගුටරෙස් ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර ගාසා තීරයට ඇතුළු වන ඊජිප්තු පාලනය යටතේ පවතින දේශ සීමාවක් වන රෆා යළි විවෘත කිරීමට නියමිත බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

පැය කිහිපයක් සඳහා රෆා දේශ සීමා මෙලෙස විවෘත කිරීමට නියමිත අතර එය විවෘත කරන වේලාවක් පිළිබඳව නිශ්චිත දැනුම්දීමක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?