ගාසා වැසියන් දැඩි ආහාර සහ පානීය ජල අර්බුදයක – පලස්තීන ජනපතිගෙනුත් විශේෂ ප්‍රකාශයක්

හමාස් සංවිධානයේ ක්‍රියා “පලස්තීන ජනතාව නියෝජනය නොකරන” බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය හමුදාවන් ගසා තීරණයේ ගොඩබිම් ආක්‍රමණය දියත් කිරීම සඳහා දේශපාලන විධානය ලැබෙන තුරු බලාසිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලය මෙලෙස ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වන පසුබිමක ගාසා තීරයේ මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී සිටිනවා.

මෙලෙස අවතැන් වී ඇති ගාසා තීරයේ ජනතාව මේ වනවිට දැඩි ආහාර සහ පානීය ජල හිඟයකින් පෙලෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළේ.

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීමෙන් ළමුන් 700කට අධික සංඛ්‍යාවක් ඇතුළුව 2,670කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයට ජලය, විදුලිය සැපයීම ඊශ්‍රායලය විසින් නවතා තිබූ අතර, ඊයේ දිනයේ දී දකුණු කලාපයට ජලය සැපයීම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මේ අතර ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය සමඟ ද සටනකට මැදිවීමට ඊශ්‍රායලය හමුදාවන්ට සිදුව ඇත්තේ එම සංවිධානය ලෙබනනයේ සිට ඊශ්‍රායලයට කාලතුවක්කු ප්‍රහාරයන් එල්ල කිරීමත් සමඟයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරන ලෙස හමාස් සංවිධානයෙන් ඉල්ලා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා මාර්ගයක් ලබා දෙන ලෙස ගුටරෙස් ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර ගාසා තීරයට ඇතුළු වන ඊජිප්තු පාලනය යටතේ පවතින දේශ සීමාවක් වන රෆා යළි විවෘත කිරීමට නියමිත බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

පැය කිහිපයක් සඳහා රෆා දේශ සීමා මෙලෙස විවෘත කිරීමට නියමිත අතර එය විවෘත කරන වේලාවක් පිළිබඳව නිශ්චිත දැනුම්දීමක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12