AFC Banner
Empty Ad
Empty Ad

ගාසා තීරයේ ප්‍රධානතම රෝහලේ කටයුතු නවතී – හමාස් මූලස්ථානය රෝහල් ගොඩනැගිල්ලට යටින්

ගාසා නගරයේ පිහිටි ප්‍රධානතම රෝහලවන අල්-ෂිෆා රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්‍රියාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යාවත්කාලීන කිරීම් අනුව අවම වශයෙන් පුද්ගලයින් 2,300ක් තවමත් අල්-ෂිෆා රෝහල තුළ සිටින බවයි වාර්තා වන්නේ.

අල්-ෂිෆා රෝහලේ මේ වනවිට සම්පූර්ණයෙන්ම විදුලිය ඇනහිටීමක් සහ ආහාර හා ජල හිඟයක් ද පවතින බවයි එම සංවිධානය වැඩිදුරටත් වාර්තාකර තිබුණේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ රෝහල අවට ප්‍රදේශයේ නිරන්තර වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර එල්ලවීම් සිදුවෙමින් පවතින බවයි.

දැනටමත් එය බරපතල තත්ත්වයක් බවට පත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊශ්‍රායල හමුදාව නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ එම ස්ථානයේ රැකබලා ගනිමින් සිටින අවදානමට ලක්විය හැකි අලුත උපන් බිළිඳුන් වෙනත් රෝහලකට රැගෙන යාමට උදව් කිරීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් රෝහල තුළ සිටි නොමේරූ අලුත උපන් තවත් බිළිඳෙකු මිය ගිය බව අල්-ෂිෆා හී ශල්‍යකර්ම අංශයේ ප්‍රධානී වෛද්‍ය මර්වන් අබු සාදා පවසා සිටියා.

ඒ, අනුව අල්-ෂිෆා රෝහලේ සිටි අලුත උපන් බිළිඳුන් තිදෙනෙකු මේ වන්විට ජීවිතක්ෂයට පවත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඊශ්‍රායලයේ ජනාධිපති අයිසැක් හර්සොග් පවසන්නේ හමාස් සංවිධානයේ මුලස්ථානය රෝහල් ගොඩනැගිල්ලට අභ්‍යන්තර පොළොවේ පිහිටා ඇති බවයි.

කෙසේ වෙතත් හමාස් සංවිධානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, සටන් අතරතුර රෝහලට පහර නොදෙන බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?