ගාසා තීරයේ ප්‍රධානතම රෝහලේ කටයුතු නවතී – හමාස් මූලස්ථානය රෝහල් ගොඩනැගිල්ලට යටින්

ගාසා නගරයේ පිහිටි ප්‍රධානතම රෝහලවන අල්-ෂිෆා රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්‍රියාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යාවත්කාලීන කිරීම් අනුව අවම වශයෙන් පුද්ගලයින් 2,300ක් තවමත් අල්-ෂිෆා රෝහල තුළ සිටින බවයි වාර්තා වන්නේ.

අල්-ෂිෆා රෝහලේ මේ වනවිට සම්පූර්ණයෙන්ම විදුලිය ඇනහිටීමක් සහ ආහාර හා ජල හිඟයක් ද පවතින බවයි එම සංවිධානය වැඩිදුරටත් වාර්තාකර තිබුණේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ රෝහල අවට ප්‍රදේශයේ නිරන්තර වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර එල්ලවීම් සිදුවෙමින් පවතින බවයි.

දැනටමත් එය බරපතල තත්ත්වයක් බවට පත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊශ්‍රායල හමුදාව නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ එම ස්ථානයේ රැකබලා ගනිමින් සිටින අවදානමට ලක්විය හැකි අලුත උපන් බිළිඳුන් වෙනත් රෝහලකට රැගෙන යාමට උදව් කිරීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් රෝහල තුළ සිටි නොමේරූ අලුත උපන් තවත් බිළිඳෙකු මිය ගිය බව අල්-ෂිෆා හී ශල්‍යකර්ම අංශයේ ප්‍රධානී වෛද්‍ය මර්වන් අබු සාදා පවසා සිටියා.

ඒ, අනුව අල්-ෂිෆා රෝහලේ සිටි අලුත උපන් බිළිඳුන් තිදෙනෙකු මේ වන්විට ජීවිතක්ෂයට පවත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඊශ්‍රායලයේ ජනාධිපති අයිසැක් හර්සොග් පවසන්නේ හමාස් සංවිධානයේ මුලස්ථානය රෝහල් ගොඩනැගිල්ලට අභ්‍යන්තර පොළොවේ පිහිටා ඇති බවයි.

කෙසේ වෙතත් හමාස් සංවිධානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, සටන් අතරතුර රෝහලට පහර නොදෙන බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30