ගාසා තීරයේ කාන්තාවන් සහ දරුවන් ඝාතනය නවත්වන්න, ප්‍රංශ ජනපතිගෙන් ඉල්ලීමක්

ගාසා තීරයේ කාන්තාවන් සහ දරුවන් ඝාතනය කිරීම නවත්වන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා.

විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාරයන් කිසිදු සාධාරණීකරණත්වයක් නොමැති බවත්, සටන් විරාමයක් ඊශ්‍රායලයට වාසිදායක වනු ඇති බවයි.

තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතිය පිළිගන්නා අතරම, ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාරයන් නවත්වන ලෙස ද ඉල්ලා සිටිනවා.

එමෙන්ම හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් ප්‍රංශය පැහැදිලි ලෙසම හෙළාදකින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඊශ්‍රායලය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් බටහිර ජාතීන් මෙන් ප්‍රංශය ද හමාස් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

“අද සිවිල් වැසියන්ට බෝම්බ ගහනවා, මේ ළදරුවන්, මේ කාන්තාවන්, මේ වයසක අය බෝම්බ ගහලා මරලා දානවා. ඒකට කිසිම හේතුවක් සහ නීත්‍යානුකූල භාවයක් නැහැ. ඒ නිසා අපි ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා මෙය නවත්වන්න කියලා.” යනුවෙන් එමානුවෙල් මැක්‍රොන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?