ගාලු මුවදොර විරෝධය අද පස්වන දිනටත්

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය පස්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේ.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රාත්‍රී සිය විරෝධතාවයේ නිරත වී සිටී.

එම විරෝධතාවය සඳහා ඊයේ (12) රාත්‍රීයේදීත් විශාල පිරිසක් එක්රැස් වී සිටි බව වාර්තාකරුවන් සඳහන් කළේය.

එම විරෝධතාව සඳහා ඊයේ දිනයේ භික්ෂුන් වහන්සේ මෙන්ම කලාකරුවන් රැසකගේ ද සහය හිමි වුණි.