ගාලු මුවදොර විරෝධතා භුමිය ගැන පළවූ ජායාරූපයේ ඇත්ත නැත්ත හෙළිවෙයි

පසුගිය 09 වන දා සිට මේ දක්වා ගෝල්ෆේස් ග්‍රීන් පිටිය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වෙනවා. මෙහිදී රාත්‍රී කාලයේදී ද කඳවරු ලමින් විරෝධතාවයේ නියැලෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූපයක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූවා.

මෙම ඡායාරූපවල සත්‍ය අසත්‍ය භාවය ගැන Fact Crescendo විසින් විමර්ශනයක් සිදුකර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ අදාල ඡායාරූපයේ දැක්වෙන අයුරින් උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු දැක්වෙන ජායාරූප ඇතුලත් ෆේස්බුක් පිටුව හරහා පළ වූ සටහනේ දැක්වෙන ඡායාරූපය හැර ගෝල්ෆේස් ග්‍රීන්හි මේ වන විටත් සිදු වන විරෝධතා බිමෙහි ඡායාරූප අතර දක්නට නොලැබුණු බවයි. එමෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා මෙම විරෝධතාවය පිළිබඳ වාර්තා කරණයේදී හෝ මෙවන් ඡායාරූපයක් දක්නට නොලැබුණු බවයි Fact Crescendo සඳහන් කර සිටින්නේ.

ඒ අනුව Fact Crescendo විසින් එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබු අතර එහිදී දැක්වෙන්නේ, 2021 වසරේ සැප්තැම්බර් මසදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ Tumkurහි ජාතික මහාමාර්ගය පුරා කිලෝමීටර් ගණනක් උපත් පාලන කොපු වැටී ඇති අයුරුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?