ගාලු මුවදොර මුහුදට පැන්න කතක් ජනාධිපති ආරක්ෂකයෝ පැන බේරාගනී

ගාලු මුවදොර අසල මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් අද (01) දින සමත් වුණා.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින් උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ ශාරිරික අභ්‍යාසවල නිරතව සිටියදී ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළින් එක්වරම කාන්තාවක් මුහුදට පැන තිබෙනවා.

එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඒ.එච්.පී.එස්. අධිකාරී නිලධාරියා ඇතුළු කණ්ඩායම එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වූ අතර කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?