ගාලු දිස්ත්‍රික් පාසල් 48ක කොරෝනා

පළමු පාසල් වාරය ආරම්භයේ සිට පෙරේදා (10දා) දක්වා ගතවූ කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනකුට හා ගුරුවරු තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ගාලල් දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසයි.

මින් පාසල් දරුවන් අති බහුතරයකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ පවුලේ අයකුට හෝ ඥාතියකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදී බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මොවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනකු හා ගුරුවරු 19 දෙනකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් සියලු දෙනා නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි.

මෙම කාලය තුළ කොරෝනා වයිරසය ආසාදනය වූ පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21ක දරු දැරියන් 33 දෙනකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ ඉකුත් සති දෙක තුළදී බවද හෙතෙම පවසයි. එම සති දෙක තුළ එක් ගුරුවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09