ගාලු කණ්ඩායමට විශිෂ්ට ජයක්

ලංකා ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගයේ අද (02) දහවල් ඇරඹුණු තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කණ්ඩායම් නායක චරිත් අසලංක පළමු ව පිතිකරණය තෝරා ගත්තා.

එහි වැඩි වාසිය තම කණ්ඩායමට නතු කරගත යුතු යැයි සිතූ අසලංකගේ තීරණයට සර්ව සාධාරණයක් කරන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්ද සමත් වුණා.

ඒ කුසල් මෙන්ඩිස් සහ Rilee Rossouw අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ද, නිස්සංකගේ සහ අවිශ්ක අර්ධ ශතක හමුවේ ජැෆ්නා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට කැරකැවුණා.

නායක අසලංක ලකුණු 33යි.

කඩුලු බිඳ දැමීමේ දී Zahoor Khan කඩුලු 03ක් බිඳ දැමූ අතර ඉසුරු උදාන සහ ප්‍රෙටෝරියස් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ලකුණු 178ක ඉලක්කයක් හඹා යාම ඇරඹූ ගාලු කණ්ඩායම සිය පළමු කඩුල්ල බිඳ වැටීම ප්‍රමාද කරමින් ශක්තිමත් ලකුණු පුවරුවක් මුල් අවස්ථාවේ දී ගොඩනගන්නට සමත් වුණා.

නමුත් නායක නිරෝෂන් දික්වැල්ල සහ ඇලෙක්ස් හේල්ස් එක්ව පළමු කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී දික්වැල්ලව අර්ධ ශතකයට ලකුණු 03ක් පමණක් ඉතිරිව තිබියදී දවා ගන්නට ධනංජය ද සිල්වා සමත් වුණා.

ඉන් අනතුරුව ද තරගය අත්නොහැරි හේල්ස් ලකුණු 65ක් ලබා ගත්තේ හැඩකාර අර්ධ ශතකයක් ද තමන් නමින් ලියාගනිමින්.

ජැෆ්නාවරුන්ට කරදරයක් වූ ඇලෙක්ස් ව ලකුණු 65ක දී දවා ගන්නට ඇලන් සමත් වුණා.

එම දවා ගැනීම ම ජැෆ්නාවරුන්ගේ ජයග්‍රහණයට කේන්ද්‍රීය සාධකයක් බවට පත් වේ යැයි සිතුව ද තරගය අන්තිම පන්දු වාරයේ දී සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නට ගාලු කණ්ඩායම සමත් වුණා.

ලකුණු 25ක් අතැතිව සිටි ජනිත් ලියනගේ ව දවාගත් අසිත ප්‍රනාන්දු අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරමින් කෙසේ හෝ ජැෆ්නාවරුන්ට ජයග්‍රහණයේ දොරටුව විවර කරන්නට දැඩි උත්සාහයක් ගත්තා.

එහි ප්‍රතිඵලය වූයේ ගාලු කණ්ඩායමට එක් පන්දුවකට ලකුණු 03ක් ලබාගත යුතු ව තිබීමයි.

නමුත් අසිත ප්‍රනාන්දු යොමු කළ අවසන් පන්දුවට දැවැන්ත පහරක් එල්ල කරමින් එය හතරේ සීමාව දක්වා මුදා හරින්නට මාර්වල්ස් කණ්ඩායමේ සහන් ආරච්චිගේ සමත් වුණා.

ඒ සමගින් සිය පළමු තරගයෙන් ම තියුණු ජයක් හිමිකරගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?