ගාලු කණ්ඩායමට විශිෂ්ට ජයක්

ලංකා ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගයේ අද (02) දහවල් ඇරඹුණු තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කණ්ඩායම් නායක චරිත් අසලංක පළමු ව පිතිකරණය තෝරා ගත්තා.

එහි වැඩි වාසිය තම කණ්ඩායමට නතු කරගත යුතු යැයි සිතූ අසලංකගේ තීරණයට සර්ව සාධාරණයක් කරන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්ද සමත් වුණා.

ඒ කුසල් මෙන්ඩිස් සහ Rilee Rossouw අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ද, නිස්සංකගේ සහ අවිශ්ක අර්ධ ශතක හමුවේ ජැෆ්නා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට කැරකැවුණා.

නායක අසලංක ලකුණු 33යි.

කඩුලු බිඳ දැමීමේ දී Zahoor Khan කඩුලු 03ක් බිඳ දැමූ අතර ඉසුරු උදාන සහ ප්‍රෙටෝරියස් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ලකුණු 178ක ඉලක්කයක් හඹා යාම ඇරඹූ ගාලු කණ්ඩායම සිය පළමු කඩුල්ල බිඳ වැටීම ප්‍රමාද කරමින් ශක්තිමත් ලකුණු පුවරුවක් මුල් අවස්ථාවේ දී ගොඩනගන්නට සමත් වුණා.

නමුත් නායක නිරෝෂන් දික්වැල්ල සහ ඇලෙක්ස් හේල්ස් එක්ව පළමු කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී දික්වැල්ලව අර්ධ ශතකයට ලකුණු 03ක් පමණක් ඉතිරිව තිබියදී දවා ගන්නට ධනංජය ද සිල්වා සමත් වුණා.

ඉන් අනතුරුව ද තරගය අත්නොහැරි හේල්ස් ලකුණු 65ක් ලබා ගත්තේ හැඩකාර අර්ධ ශතකයක් ද තමන් නමින් ලියාගනිමින්.

ජැෆ්නාවරුන්ට කරදරයක් වූ ඇලෙක්ස් ව ලකුණු 65ක දී දවා ගන්නට ඇලන් සමත් වුණා.

එම දවා ගැනීම ම ජැෆ්නාවරුන්ගේ ජයග්‍රහණයට කේන්ද්‍රීය සාධකයක් බවට පත් වේ යැයි සිතුව ද තරගය අන්තිම පන්දු වාරයේ දී සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නට ගාලු කණ්ඩායම සමත් වුණා.

ලකුණු 25ක් අතැතිව සිටි ජනිත් ලියනගේ ව දවාගත් අසිත ප්‍රනාන්දු අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරමින් කෙසේ හෝ ජැෆ්නාවරුන්ට ජයග්‍රහණයේ දොරටුව විවර කරන්නට දැඩි උත්සාහයක් ගත්තා.

එහි ප්‍රතිඵලය වූයේ ගාලු කණ්ඩායමට එක් පන්දුවකට ලකුණු 03ක් ලබාගත යුතු ව තිබීමයි.

නමුත් අසිත ප්‍රනාන්දු යොමු කළ අවසන් පන්දුවට දැවැන්ත පහරක් එල්ල කරමින් එය හතරේ සීමාව දක්වා මුදා හරින්නට මාර්වල්ස් කණ්ඩායමේ සහන් ආරච්චිගේ සමත් වුණා.

ඒ සමගින් සිය පළමු තරගයෙන් ම තියුණු ජයක් හිමිකරගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27