ගාල්ල හා හම්බන්තොටින් වැඩිම මනාප දිනා මාලිමා අපේක්ෂයෝ වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට

2024 මහ මැතිවරණයේ ආසන මට්ටමින් පාර්ලිමේන්තුවට පිවිසීමට තරග කළ අපේක්ෂකයින්ගේ මනාප ප්‍රතිඵල මේ වනවිට (15) නිකුත් වෙමින් තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉහළ ම මනාප හිමිකරගෙන ඇත්තේ ජාතික ජන බලවේගයෙන් තරග කළ නිහාල් ගලප්පති මහතා යි.

ගලප්පත්ති මහතා මනාප ඡන්ද 125,983ක් දිනා ගැනීමට සමත් ව සිටිනවා.

ඊට අමතර ව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් හිමිකරගත් මහජන නියෝජිතයින් අතර ජාතික ජන බලවේගය පක්ෂයේ අතුල හේවගේ මනාප ඡන්ද 73,198ක්, සාලිය මදාරසිංහ මනාප ඡන්ද 65,969ක්, අරවින්ද විතාරණ 48,807ක්, ප්‍රභා සෙනරත් ඡන්ද 42,249ක් දිනා ගනු ලැබුවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග වැදුණු දිලිප් වෙදාරච්චි ඡන්ද 23,514ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරමින් ඩී.වී චානක ඡන්ද 16,546ක් දිනාගත්තා.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ලාභියා බවට පත් වූයේ ජාතික ජන බලවේගයේ නලින් හේවගේ යි.

ඔහු ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 274,707ක්.

රත්න ගමගේ ඡන්ද 113,719ක්, නයනතාර ප්‍රේමතිලක ඡන්ද 82,058ක්, නිශාන්ත සමරවීර ඡන්ද 76,677ක්, තිලංක රුක්මාල් ඡන්ද 74,143ක්, නිශාන්ත පෙරේරා ඡන්ද 71,549ක්, ටී.කේ. ජයසුන්දර ඡන්ද 58,761ක් දිනා ගැනීමට සමත් වුණා.

සමගි ජන බලවේගය නියෝජනය කළ ගයන්ත කරුණාතිලක ඡන්ද 36,093ක් සහ පොහොට්ටුවේ අපේක්ෂක චානක සම්පත් ඡන්ද 8,447ක් ද දිනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දකුණු පළාතේ ප්‍රධානතම දිස්ත්‍රික්ක ද්විත්වයක් වන ගාල්ල හා හම්බන්තොට නියෝජනය කරමින් වැඩිම ආසන සංඛ්‍යාවක් මෙවර ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34